spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හමුදා බසයේ ගැටී තුන් හැවිරිදි දැරිය ජිවිතක්ෂයට

යුද හමුදා නිලධාරීන් රැගත් බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 3ක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (22) අළුයම මෙම අනතුර සිදුවී ඇත්තේ බණ්ඩාරගම සමුපකාර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී මාර්ගයේ දීයි.

මියගොස් ඇත්තේ රයිගම ප්‍රදේශයේ පදිංචිව සිටි තුන් හැවිරිදි දැරියක් වන අතර ඇයගේ මව කම්පන තත්වයෙන් පානදුර මූලික රෝහල වෙත යොමු කර තිබෙනවා.

බණ්ඩාරගම සමුපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරීවරිය වන මියගිය දැරියගේ මව දැරිය ද යතුරුපැදියේ නංවාගෙන කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

කළුතර සිට යුද හමුදා මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට කාර්ය මණ්ඩලය රැගෙන යමින් සිටි බස් රථය බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට මාර්ගයේ දකුණු පසින් අපරික්ෂාකාරී ලෙස ධාවනය වී යතුරුපැදියේ ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බරපතළ තුවාල ලබා සිටි දැරිය සහ මව ප්‍රදේශවාසීන් විසින් බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන විත් තිබූ අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව තිබූ බව සඳහන්.

දැරියගේ හිසට බරපතළ බරපතල තුවාල සිදුවී ඇති බවයි රෝහල් ප්‍රකාශකයකු කියාසිටියේ.

දැරියගේ මව අධික කම්පන තත්ත්වයට පත්ව බණ්ඩාරගම දිසා රෝහලේ ගිලන් රථයක් මගින් පානදුර මූලික රෝහල වෙත යොමු කර තිබෙනවා.

අනතුර සමගම ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් බස් රථ රියදුරුට පහර දී ඇතැයි ද සඳහන්.

දැරියගේ මව සෑම දිනකම කල්වේලා ඇතිව කාර්යාලය වෙත පැමිණ ඒ ආසන්නයේ ඇති දිවා සුරකුම් මධ්‍යස්ථානය වෙත දැරිය යොමු කිරීම සිදු කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

අනතුරත් සමගම එම ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීන් චෝදනා කළේ මෙම බස් රථය සෑම දිනකම ඉතා අපරික්ෂාකාරී ලෙස මාර්ගයේ ධාවනය වන බවටයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
1
+1
3
+1
39
+1
9
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?