හමුදා කඳවුර තුළ සිවිල් බස්රථ රියදුරන් දෙදෙනෙකුගේ ආරවුල ඝාතනයකින් අවසන් වෙයි

තලංගම පොලිස් වසමේ පහලවෙල පාර, නාගහමුල්ල, පැලවත්ත, බත්තරමුල්ල.ලිපිනයේ පිහිටි 14 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු යුද හමුදා කඳවුර තුළ දී ඇති වූ ආරවුලකින් පුද්ගල ඝතනයක් සිදුව තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යුධ හමුදා ව්‍යාපෘති රාජකාරී සඳහා යොදවා ඇති සිවිල් බස්රථ රියැදුරෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය ලක් වූ රියදුරා සහ තවත් සිවිල් බස්රථ රියදුරෙක් අතර ඇති වූ බහින් බස්වීමකින් පසු මෙම අපරධය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තියුණු අයුධයකින් හිසට සහ ශරීරයට පහර දී මෙම අපරාධය සිදුකර ඇති අතර, පසුව බරපතල තුවාල ලද පුද්ගලයා යුද හමුදා නිලධාරින් විසින් තලංගම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනයට අදාළ 28 හැවිරිදි සැකකරු තලංගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය පිළිබදව ඉදිරි විමර්ෂණ කටයුතු තලංගම පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54