හඟුරන්කෙත තරුණයා ඝාතනයට තවත් පිරිසක් රිමාන්ඩ්

හඟුරන්කෙත ප්‍රදේශයේදී තරුණයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක් සහ සැකකරුවන් 7 දෙනෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරවී තිබෙනවා.

ඊයේ (27) භාර වූ ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 20 වනදා හඟුරන්කෙත ප්‍රදේශයේදී පොලුවලින් පහරදී මෙම තරුණයා ඝාතනය සහ තවත් පිරිසකට තුවාල කිරීමෙි සිදුවීමක් සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

මෙම සිද්ධියට අදාළව පසුගිය 22 වනදා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

අනෙක් සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් පෙරේදා රාත්‍රී හඟුරන්කෙත පොලිසිය අසල ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වූ අතර එහිදී පොලිසිය අහසට වෙඩි ප්‍රහාර 38ක් ද එල්ල කරනු ලැබුවා.

ඒ විරෝධතාව පාලනය කිරීම සඳහායි.

එම විරෝධතාවත් සමග තරුණයාගේ ඝාතනයට අදාළව කාන්තාවක් ඇතුළු 8 දෙනෙකු ඊයේ පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාරිය හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක් වන අතර සැකකරුවන් අවුරුදු 19 සහ 63 වයස්වල පසුවනවා.

ඔවුන් හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ සහ මතුරට ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම පිරිස ඊයේ වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජුලි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09