spot_imgspot_img

හංවැල්ලේ අනතුරකින් 20ක් රෝහලේ

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද (09) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් පුද්ගලයන් 20කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි හංවැල්ල පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූවන් හෝමාගම සහ නවගමුව යන රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අක්කරෙයිපත්තුව සිට කොළඹ බලා ගමන් ගත් ලංගම බස් රථයක් සහ කොළඹ සිට බලංගොඩ දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර  රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූවන් අතර බස් රථයේ සහ කන්ටේනර රථයේ රියදුරන් ද වන අතර, ලංගම බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?