සෞඛ්‍ය නීති රීති කඩ කෙරූ නුවරඑළිය අවුරුදු උත්සවයේ සංවිධායකයන්ට වැඩ වරදී

නුවරඑළිය මහ නගර සභාව මගින් සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව පැවැත් වූ අලුත් අවුරුදු උත්සවයක් සම්බන්ධයෙන් මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ නියෝග පරිදි මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පැවසුවේ, පවතින කොවිඩ් අවදානම නොතකා සෞඛ්‍ය උපදෙස් කඩකරමින් පැවැති එම අවුරුදු උත්සවය පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට තමන් උපදෙස් ලබාදුන් බවය. 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වසන්ත උදානයට සංචාරකයන් ගෙන්වා ගැනීම අවම කරන ලෙසටත්, ඇතැම් තරග ඉසව් නතර කරන ලෙසට නගරාධිපතිවරයාට උපදෙස් ලබාදී තිබියදී එම උපදෙස්වලට පටහැනිව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපතිවරයා කටයුතු කරමින් වසන්ත උදානය පවත්වා ඇති බවය.

නුවරඑළිය ග්‍රෙගරි වැව ඉස්මත්තේ පැවති සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගී වු නගර සභාවේ සේවකයන්ට දිවා ආහාරය සමග මත්පැන් මිලිලීටර් 175ක බෝතලයක් ලබා දී ඇති බවටද තමන්ට තොරතුරු ලැබී ඇති බවද ආණ්ඩුකාරවරයා පැවසීය.

ඒ පිළිබඳව ද තම අවධානය යොමුවී ඇති බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39