සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් යළි වර්ජනයකට සැරසෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ලබන අඟහරුවාදා (16) සිට නැවත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට බල කරමින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමටයි අද රැස්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ මහ සභාව තීරණය කර ඇත්තේ.

ඒ අනුව ලබන අගහරුවාදා උදෑසන 6.30 සිට සංකේත වර්ජනයකින් එම විරෝධතාව ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම වර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, භෞත චිකිත්සකයින්, වෘත්තීය චිකිත්සකයින්, ඖෂධවේදීන්, වාග් චිකිත්සකයින්, විකිරණ ප්‍රතිකාරවේදී, ශ්‍රවණවේදින් ඇතුළු සේවාවාන් මෙන්ම හෙද සේවාව ද එක්වීමට නියමිතයි.

අතුරු වෛද්‍ය සේවාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, අක්ෂි තාක්ෂණවේදීන්, දන්ත කාර්මිකයින්, විද්‍යුත් නිකර්පන රේඛන ශිල්පීන්, විද්‍යුත් කන්තු රේඛණ ශිල්පීන්, පාසැල් දන්ත චිකිත්සකයින්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්ට අදාළ සේවාවන් ද වර්ජනයේ නිරතවිමටයි සැලසුම් කර ඇත්තේ.

සෞඛ්‍ය පරිපාලන නිලධාරී සේවය, අහාර හා ඖෂධ පරීක්ෂක, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී, සැලසුම් හා වැඩසටහන් නිලධාරී, සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාව, සෞඛ්‍ය ගිලන්රථ රියදුරු සේවාව, සුළු සේවා පාලක, උපස්ථායක, අරක්කැමි, දුරකථන ක්‍රියාකරු, නිවාස පාලක, රසායානාගාරා සේවා සහයක, සෞඛ්‍ය කාර්ය සහයක යන සියළු සෞඛ්‍ය සේවාවන් වෘත්තීය සමිති 72ක නායකත්වය යටතේ මෙම වර්ජනය සඳහා දායක වීමට ඒකමතිකව තීරණය කර ඇතැයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15