සොරකමේ ගිය මත් ලෝලියෙක් බඩුත් සමඟ අත්අඩංගුවට

දිවුලපිටිය, මිනුවන්ගොඩ, මිහිරිගම, බඩල්ගම, කොටදෙණියාව සහ කටාන යන ප්‍රදේශවල රාත්‍රී කාලයේ නිවෙස් වලට ඇතුළු වී සොරකම්වලට නිරත වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටදෙණියාව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

සැකකරු විසින් නිවෙස් වලට ඇතුළු සොරාගත් භාණ්ඩ වලින් පරිගණක යන්ත්‍රයක්, රූපවාහිනියක්,ගෑස් සිලින්ඩර 11ක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු මීහිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද (10) දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?