සේවකයකු කලින් ගෙදර යැව්වොත් හාම්පුතා මාස හයක් ඇතුළේ

නියම කර ඇති වයස් සීමාවට පෙර සේවකයකු විශ්‍රාම යවන හාම්පුතුන්ට රුපියල් පන්දහසක දඩයක් සහ මාස හයක සිර දඩුවමක් නියම කරමින් නව නීතියක් සම්මත කිරීමට නියමිතය. අධිකරණයේ අභිමතය පරිදි හාම්පුතාට මෙම දඬුවම් දෙකටම වුවද යටත් වීමට සිදු වනු ඇත.

ඊට අමතරව අදාළ සේවකයා විශ්‍රාම යාමට නිශ්චිත දිනය දක්වා සේවයේ පිහිටුවීමද කළ යුතු අතර හිඟ වැටුප්ද ගෙවිය යුතු බව පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස අවරුදු හැට දක්වා දීර්ඝ කිරීමට අදාළව ඉදිරිපත් කර ඇති ‘සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස’ නමැති පනත් කෙටුම්පතේ සඳහන්වේ. ඕනෑම අයෙකුට නියමිත කාලයට පෙර ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමටද පනත් කෙටුම්පත මගින් ඉඩ සලසා ඇත.

පනත ක්‍රියාත්මක කරන දිනය වන විට වයස අවුරුදු පනස් හතර සහ පනස් පහ අතරේ පසුවන සේවකයන්ගේ විශ්‍රාම යාමේ කාලය අවුරුදු පනස් හත දක්වා දීර්ඝ කර ඇත. පනත ක්‍රියාත්මක කරන දිනය වන විට වයස අවුරුදු පනස් තුනත් අවුරුදු පනස් හතරත් අතර පසුවන අයගේ විශ්‍රාම කාලය වයස අවුරුදු පනස් අට දක්වා සහ අවරුදු පනස් දෙක සහ පනස් තුන අතර පසුවන අයගේ විශ්‍රාම කාලය වයස අවුරුදු පනස් නවය දක්වාද දීර්ඝ කර තිබේ. විශ්‍රාම වයස අවුරුදු හැට දක්වා දීර්ඝ කර තිබෙන්නේ පනත ක්‍රියාත්මක කරන දිනය වන විට වයස අවුරුදු පනස් දෙකට අඩු සේවකයන්ට පමණි.

මේ වන විට සේවකයන් සමග එළඹ ඇති සේවා ගිවිසුමේ විශ්‍රාම යාමේ කාලය සඳහන් කර තිබෙන්නේ අවුරුදු පනස් පහ ලෙසය. මෙම පනත ක්‍රියාත්මක වීමේදී දැනට ක්‍රියාත්මක සේවා ගිවිසුම්වල දක්වා ඇති එම නිශ්චිත කාලය බල රහිත වන අතර පනතේ සඳහන් විශ්‍රාම වයස ඊට අදාළ කර ගත යුතුය.

නව පනත් කෙටුම්පත ඉදිරි දිනක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49