සුලි කුණාටුවට හසු වූ හොන්ඩුරාස් රාජ්‍යයට ඉන්දීය ආධාර

මෑත කාලීන නිවර්තන කුණාටුවෙන් පසුව ඉන්දියාව හොන්ඩුරාස් වෙත ටොන් 26ක මානුෂීය ආධාර යවා තිබෙනවා.

“ශල්‍ය සැපයුම්, ග්ලූකෝමීටර, ඔක්සිමීටර, අත්වැසුම්, සිරින්ජ සහ IV දියර, බ්ලැන්කට්, මෙට්ට සහ සනීපාරක්ෂක කට්ටල ඇතුළු වෛද්‍ය සැපයුම් සහ ආපදා සහන ද්‍රව්‍ය ඇතුළත් තොගය ඉන්දියාවෙන් පිටත්ව ගොස් ඇති බව” විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවා.

සුලි කුණාටුව හේතුවෙන් හොන්ඩුරාස් රාජ්‍යයට දැඩි බලපෑම් එල්ල වුණා.