සුරාසැල් විවෘතව තැබුනොත් දිනකට රැපියල් කෝටි 500 ක් රජයට ලැබෙන බව ආණ්ඩු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතා බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙිි බව පවසා සිටියා.
“සුරාසැල් විවෘත කරන්න කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. නමුත් මෙිි වෙලාවෙිදි අපි හැම පැත්තක් ගැනම බලන්න ඕනේ. සුරාසැල් කියන්නේ මහ ලොකු යකෙක් වගේ එකක් නෙවෙයි. ඔය කියන ඔක්කොම විරෝධය දක්වනවානම් අපි දැක්කා සුරාසැල් විවෘත කල දා කිලෝමීටර් ගණන් දිග පොලිම් තියෙනවා. සුරාසැල් වලට විරැද්ධව කතා කරන අය තමයි සුරාසැල් ඉදිරිපිට පෝලිම් වල ඉදිරියෙන්ම ඉන්නේ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතා කියාසිටියේ “නිිති විරෝධි මත්පැන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නිිති විරෝධි මත්පැන් පෙරන ස්ථාන වලට ගිහිල්ල එක වීදුරුවෙන් මහා කලබලෙන් මත්පැන් පානය කරල එනවා. මොන ජරාව, මොන වස විස ඒවයේ තියනවාද නැද්ද කියල කවුද දන්නේ” අකිල සාලිය එල්ලාවල මහතා වැඩිදුරටත් අදහස් දක්වාතිබුණා.