සුපිරි වෙළෙඳසැළකින් භාණ්ඩ සොරාගත් පුද්ගලයා සියදිවි නසාගනී

රාගම පොලිස් වසමේ මහබාගේ මාර්ගයේ සුපිරි වෙළෙඳසැළකට අද (09) උදෑසන 10.30ට පමණ පුද්ගලයෙකු ඇතුළුවී සොරකමක් සිදුකර තිබේ.

පසුව ඔහු එහි රාක්කයක තිබූ, කුඩා දරුවන් සඳහා භාවිත කරන සුවඳ විලවුන් කීපයක් රැගෙන මුදල් නොගෙවා පිටතට පැමිණ ඇත. එහිදී අසල සිටි ත්‍රි⁣රෝද රථ රියදුරෙකු සිද්ධිය දැක ඔහුව අල්ලා ගැනීමට තැත් කිරීමේදී ඔහු අත තිබූ පිහියකින් ත්‍රීරෝද රථ රියදුරුට ඇන පළාගොස් තිබුණි.

පසුව තවත් පිරිසක් අදාළ සැකකරු පසුපස දිවගොස් ඇති අතර එහිදී සැකකරු කිසිවෙකුත් ළඟට නොඑන ලෙසත් එසේ පැමිණියහොත් ගෙල කපාගන්නා බවත් පවසා තිබේ.

ඒත් සමගම සැකකරු විසින් තම අත තිබූ පිහියෙන් සිය ගෙල කපාගෙන ඇත. ඒ අදාළ සුපිරි වෙළෙඳසැළේ සිට මීටර් 500ක් තරම් දුරකදීය. පසුව අසල සිටි පුද්ගලයින් 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා සැකකරුව රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී සැකකරුව පරීක්ෂා කර ඇති වෛද්‍යවරු පවසා ඇත්තේ සැකකරු මියගොස් ඇති බවය. අප වාර්තාකරු සඳහන් කළේ, සැකකරුගේ මෘතදේහය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ රෙජි වනසුන්දර නමැති 44 හැවිරිදි උකුවෙලවත්ත, නාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු රාගම රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. ඔහු දිනුක ලක්ෂාන් පීරිස් නමැති 36 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07