ඉන්දියාවේ තුළ ඩොලර් බිලියන 13ක දැවැන්ත ආයෝජනයකට Amazon සැරසෙයි

Amazon සමාගම 2030 වසර වන විට ඉන්දියාව තුළ අතිරේක ඩොලර් බිලියන 13ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රධාන වශයෙන් කෘත්‍රිම බුද්ධිය (AI) සහ ක්ලවුඩ් යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම මෙම නව ආයෝජනයේ මූලික අරමුණයි.

ඇමසන් ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි ජැසී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර නවදිල්ලි නුවර පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම නිල ප්‍රකාශය සිදු කර තිබේ.

මෙම නවතම ඩොලර් බිලියන 13ක එකතුවත් සමඟ, 2026 සිට 2030 දක්වා කාලය තුළ ඇමසන් සමාගම ඉන්දියාවේ සිදු කිරීමට සැලසුම් කර ඇති සමස්ත ආයෝජනය ඩොලර් බිලියන 48ක් දක්වා ඉහළ යයි.

එමෙන්ම, 2010 වසරේ සිට 2030 දක්වා දශක දෙකක කාලය තුළ ඔවුන් ඉන්දියාවේ සිදු කරන සමස්ත ආයෝජන එකතුව ඩොලර් බිලියන 88 ඉක්මවනු ඇත.

මෙම මුදල් මුම්බායි සහ හයිද්‍රාබාද් නගරවල පිහිටි AWS දත්ත මධ්‍යස්ථාන පුළුල් කිරීමට යොදවයි.

මේ හරහා ඉන්දියාවේ නව ව්‍යවසායකයින්ට සහ රජයේ ආයතනවලට උසස් AI තාක්ෂණය සහ ආරක්ෂිත ක්ලවුඩ් සේවා පහසුවෙන් ලබාගත හැකිය.

මෙම ව්‍යාපෘතිය මඟින් 2030 වන විට රැකියා මිලියන 3.8කට සහය දීමටත්, කුඩා ව්‍යාපාර මිලියන 15කට AI තාක්ෂණික ප්‍රතිලාභ ලබාදීමටත් ඇමසන් බලාපොරොත්තු වේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ආයෝජනය සාදරයෙන් පිළිගත් අතර, එමඟින් එරට තරුණ පරපුරට විශාල රැකියා අවස්ථා නිර්මාණය වන බව සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25