spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සුප්‍රසිද්ධ ටෙනිස් ශූරියකට ඉතිහාසගත ජයක්

ලෝක ටෙනිස් ශූරියක් වන කොකෝ ගෝෆ් (Coco Gauff) හට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා යුගල තරගයේ ජය හිමි ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ජයග්‍රහණය කොකෝ විසින් දිනා ගනු ලැබුවේ කැතරිනා සිනියාකෝවා (Katerina Siniakova) සමග එක් ව බවයි.

තරගය ඊයේ ප්‍රංශයේ Roland Garros හි දී පැවැත්වුණා.

ගෝෆ් සහ සිනිකෝවා සිය ජයග්‍රහණය වාර්තා කළේ ඉතාලි ක්‍රීඩිකාවන් දෙපළක් වන සාරා එරානි (Sara Errani) සහ ජෙස්මින් (Jasmine Paolini)ට එරෙහිව යි.

පැය දෙකකට අඩු කාලයකින් මෙම ඉතාලි ටෙනිස් ක්‍රීඩිකාවන් හට ගෝෆ් සහ සිනිකෝවා හමුවේ දී පරාජය වැළඳගන්නට සිදු වුණා.

ඒ ලකුණු 6-3ක්, 7-6ක් සහ 6-3ක් ලෙසයි.

මෙම ජයග්‍රහණයත් සමග ගෝෆ් විසින් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගයක දී ඇය දිනූ පළමු කාන්තා යුගල කුසලානයට ද හිමිකම් කියා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?