සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී ලියූ තරුණියක් අත්අඩංගුවට (වීඩියෝ)

ලෝක උරුම සීගිරිය කැටපත් පවුර කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සීගිරියේ සංචරයක් සඳහා පැමිණි අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම තරුණිය කොණ්ඩ කටුවකින් කැටපත් පවුරේ “Dhanu R” ලෙස කුරුටු ගා ඇති අතර, ඒ බව පුරාවිද්‍යා නිලධාරීන් දැක සීගිරිය සංචාරක පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුවයි ඊයේ (14) දිනයේ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු තරුණිය අද (15) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය සඳහන් කළේ.