AFC Banner
AFC Banner
Empty Ad

සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු ධුරය කංචනට?

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි වූ ජාතික ලැයිස්තු ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට (06) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එම පක්ෂයේ සහායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.

ඔහු සඳහන් කළේ, එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ නම යෝජනා කර ඇති බවයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (04) පස්වරුවේ පැවැත්වීමෙන් අනතුරුව මන්ත්‍රී අබේගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
12
+1
3
+1
2
+1
3
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?