spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල සහිතව සැක කටයුතු ලෙස මියගොස් සිටි පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අනුරාධපුර නුවර වැවෙහි තිබී සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන බවත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන අනුරාධපුර පොලිසිය පවසනවා.

ඊයේ (20) පස්වරුවේ නුවර වැව බැම්ම මතින් ගමන් කළ පුද්ගලයෙකු මෙම මළ සිරුර දැක නුවර වැවහි ඇති පොලිස් ජීවිතාරක්ෂක මුරපොළට දැනුම්දී ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම මෙම පුද්ගල මළ සිරුර සොයාගෙන තිබෙනවා.

ඉන් අනතුරුව අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත කළ දැනුම්දීමෙන් අනතුරුව මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායම පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව එම ස්තානයට කැදවූ අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත මළසිරුර ඔහු ඉදිරියේ ගොඩට ගනු ලැබුවා.

හදිසි මරණ පරීක්ෂකවරයාගේ පරීක්ෂණවලින් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?