සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල සහිතව සැක කටයුතු ලෙස මියගොස් සිටි පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අනුරාධපුර නුවර වැවෙහි තිබී සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන බවත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන අනුරාධපුර පොලිසිය පවසනවා.

ඊයේ (20) පස්වරුවේ නුවර වැව බැම්ම මතින් ගමන් කළ පුද්ගලයෙකු මෙම මළ සිරුර දැක නුවර වැවහි ඇති පොලිස් ජීවිතාරක්ෂක මුරපොළට දැනුම්දී ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම මෙම පුද්ගල මළ සිරුර සොයාගෙන තිබෙනවා.

ඉන් අනතුරුව අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත කළ දැනුම්දීමෙන් අනතුරුව මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායම පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව එම ස්තානයට කැදවූ අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝගය මත මළසිරුර ඔහු ඉදිරියේ ගොඩට ගනු ලැබුවා.

හදිසි මරණ පරීක්ෂකවරයාගේ පරීක්ෂණවලින් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58