නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පළාත් හා කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා
ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ජාතික විෂයමාලා රාමුව (NCF) පිළිබඳ පළාත් සහ කලාප මට්ටමේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වුණා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මෙහෙයවීම යටතේ, ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කළ ජාතික විෂයමාලා රාමුව (NCF) පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු නිලධාරීන් වෙත ලබාදීම මෙහිදී සිදුවුණා.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව, එම ලේඛනය ඉදිරියේ දී අධ්‍යාපන නිලධාරීන්ගේ පරිහරණය සඳහා ලබාදීමට පියවර ගන්නා බවද අනාවරණය කෙරුණා.

ජාතික විෂයමාලා රාමුවට (NCF) අනුව පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 දක්වා වූ පාසල් කාලය තුළ එක් කාල පරිච්ඡේදයක් මිනිත්තු 40කට සීමා කිරීම, සෞන්දර්ය හා ඉතිහාසය ඇතුළුව අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා ඉදිරිපත් කෙරෙන විෂය සංඛ්‍යාව සහ ඇගයීම් ක්‍රමවේදයේ සිදුවන වෙනස්කම් වැනි කරුණු පිළිබඳව මෙහිදී පැහැදිලි කරනු ලැබුවා.

මීට අමතරව, 10-11 ශ්‍රේණි සඳහා යෝජිත වෘත්තීය විෂයන් මෙන්ම 12-13 ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය, ආචාර ධර්ම, වෘත්තීය මාර්ගෝපදේශනය සහ විදේශීය භාෂා වැනි විෂය මාලාවට අලුතින් ඇතුළත් කර ඇති නව යෝජිත විෂය ක්ෂේත්‍ර පිළිබඳව ද නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගැනුණා.

තවද, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව සිදුකරන පාසල් යටිතල පහසුකම් හා ඩිජිටල් උපකරණ සංවර්ධන ව්‍යාපෘතීන් සහ පළාත් මට්ටමින් සිදුකරමින් පවතින ගුරු පුහුණු වැඩසටහන් ඇතුළු මොඩියුල සම්පාදන සහ බෙදාහැරීමේ කාර්යයන් පිළිබඳව සහ 2027 වසර සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී පැමිණ සිටි පිරිස හට අවබෝධය ලබාදීම සිදුවුණා.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ප්‍රකාශ කර සිටියේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළ ප්‍රතිපත්තිමය තීරණ එහි ප්‍රධාන කුළුණු ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන ජාතික මෙහෙයුම් කමිටුව හරහා සිදු කර ඇති බවයි.

එමෙන්ම, 2027 වසරේදී මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වඩාත් පුළුල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බවද ලේකම්වරයා ප්‍රකාශ කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව පළාත් හා කලාප මට්ටමින් විදුහල්පතිවරුන්, දෙමාපියන් ඇතුළු පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඔහු, පළාත් හා කලාපීය අධ්‍යාපන රැස්වීම්වල දී අදාළ පාර්ශ්ව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ අවබෝධය විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට ලබා දීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් බව ද අවධාරණය කර සිටියා.

ඊට අමතරව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ (NEC) මඟපෙන්වීම යටතේ ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් සම්පාදනය කරන ලද ජාතික විෂයමාලා රාමුව (NCF) ඇතුළු ප්‍රධාන ලේඛන, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු අධ්‍යාපන නිලධාරීන්ගේ පරිහරණය සඳහා ලබා දීමට කටයුතු කරන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02