සලේ වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීන්දු කළා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සම අද කරුණු තහවුරු කිරීම සඳහා කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවත් එය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා මූලික විරෝධතා මතු කරන බවත් පැවසුවා.

නමුත් පෙත්සංකරු අධිකරණය හමුවේ ප්‍රකාශය කර තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පුරවැසියෙකු වශයෙන් තමන්ගේද මූලික අයිතිවාසිකම් කඩවන බවයි.

නමුත් නීතිය ඉදිරියේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කරුට දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නා.

එම කරුණු පිළිගත් පෙත්සම්කරු අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් විනිසුරු මඩුල්ල එය නිෂ්ප්‍රභ කිරීමටත් තීන්දු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06