සරුවත් විකිණූ දැරියගේ ජීවිතය බිල්ලට ගත් වෑන් රථයේ ආ මාරයා

වෙන්නප්පුව, දුම්මලදෙනිය ප්‍රදේශයේ දී වෑන් රථයක් රියදුරුට පාලනයකර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් 16 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෑන් රථය, මාර්ගය අයිනේ සරුවත් විකුණමින් සිටි දැරියන් දෙදෙනෙකුගේ සහ කාන්තාවකගේ ගැටී ඊයේ (02) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙහිදී බරපතළ තුවාල ලැබූ තිදෙනා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේ දී 16 හැවිරිදි දැරිය අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මියගිය දැරිය වෙන්නප්පුව, වෙරළ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42