සමෘද්ධි බැංකුවට ගිනිතබා සිදුකිරීමට ගිය මහ විනාශයක් වැළකෙයි (ඡායාරූප)

කැබිතිගොල්ලෑව සමෘද්ධි බැංකුවට ගිනිතබා සිදුකිරීමට ගිය මහා විනාශයක් අනූනවයෙන් වැළකී ඇතැයි පොලිසිය පවසනවා.

ඊයෙ (28) රාත්‍රියේදී මෙම සිදුවීම සිදුවී ඇති බවට පොලිසිය සැක කරනු ලබයි.

සමෘද්ධි බැංකුවේ ඉදිරිපස ජනේලයක් කඩා ඇති කිසියම් අයෙකු මුදල් අයකැමි රාජකාරි කරන මේසය අසලට පෙට්‍රල් කාලේ බෝතල් දෙකක් සහ භාගයේ බෝතලයක් රතිඤ්ඤා කරල් දෙකක ගැටගසා පත්තු කළ හඳුන්කූරක් සමඟ දමා ඇති බවත් මොනයම් හෝ හේතුවක් මත එම හඳුන්කූර නිවී ගොස් සිදුවීමට ගිය මහා විනාශයක් වැළකී ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලීසිය පවසන්නේ ගණදෙනුකරුවන්ගේ ගිණුම් සහ මුදල් ලබා ගැනීම් සම්බන්ධයෙන් වැදගත් ලියකියවිලි සහිත මේසය මතට කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් හිතා මතා මෙලෙස ගිනි තැබීමට උත්සාහ කර ඇති බවට සැක කරන බව ය.

හදිසි අවශ්‍යතාවයක් සඳහා සමෘද්ධි බැංකු කාර්යාලයට පැමිණි ඇති කළමනාකාරවරිය සහ තවත් සේවිකාවක් විසින් අද (29) දහවල් මෙම සිද්ධිය දැක පසුව ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

කැබිතිගොල්ලෑව සමෘද්ධි බැංකුව යටතේ සහන ලබන ප්‍රතිලාභින් පිරිසකට මුදල් ලබා දීමේදී දිස්ත්‍රික් සමෘද්ධිය අංශය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇති මොහොතක මෙම සිදුවීම වාර්තා වීමද විශේෂත්වයක් වන බව වාර්තාවෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අද (29) දහවල් වන විටත් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොතිබු අතර කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසියේ දැනුම්දීම මත අනුරාධපුර කොට්ඨාශ ස්ථානීය අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?