සමෘද්ධි දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට

රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය සදහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුව යළිත් එම කාරක සභාවට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේදී සිටි සේවක සංඛ්‍යාව, එම සේවකයන් අන්තර්ග්‍රහණය ක්‍රියාවලියට ලක්වූ ආකාරය, මෙතෙක් අන්තර්ග්‍රහණය කර නොමැති සේවක සංඛ්‍යාව සහ එය ප්‍රමාද වීම සඳහා බලපෑ හේතු, උසස්වීම් යනාදිය විශ්ලේෂණය කර කඩිනමින් විසඳා ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා ලබා දුන් නිර්දේශ මෙහිදී පුළුල් ලෙස විමර්ශනය කරනු ලැබුවා.

මේ අනුව 2023 අප්‍රේල් 30 වන විට 22646 ක් වූ සමස්ත සේවක සංඛ්‍යාවෙන් 17512 දෙනෙකු අන්තර්ග්‍රහණය කර ඇති බවත් ඉතිරි පිරිස අන්තර්ග්‍රණය කිරීම ප්‍රමාද වීම සදහා නිලධාරීන් 3027කට විධිමත් පත්වීම් ලිපි ලබා දී නොතිබීම, 2015 වසරේ කැබිනට් තීරණයක් අනුව මෙම නිලධාරීන්ගේ පත්වීම් හා විනය බළධරයා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ලෙස සැලකීම නිසා මෙම අනුමත කිරිම් සිදු කළ යුත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවද නැතහොත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවද යන්න ගැටලු සහගත වූ බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ.

මේ අනුව මෙම නිලධාරීන්ගේ බඳවා ගැනීම හා උසස්වීමේ පටිපාටි, කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිර්දේශය සමග රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමතියට යොමුකිරීමට පියවර ගෙන ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

මෙම ගැටලු නිරාකරණය කරමින් සමස්ත සේවක සංඛ්‍යාවේ ගැටලු සහිත පිරිස පිළිබඳ පැහැදිළි වර්ගීකරණයක් සහ විසදුම් සඳහා යාන්ත්‍රණයක් ජූලි 6 වැනිදා වන විට ලබා දෙන ලෙසටයි කමිටු සභාපතිවරයා නියෝග කළේ.

එසේම විවිධ රජයන් යටතේ විවිධ දේශපාලනික කරුණු කාරණා නිසා මෙම දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ යම් අපහැදිළිතා නිර්මාණය වී ඇති බැවින් කඩිනමින් මෙම ගැටලු විසදා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කර තිබෙනවා.

සමෘද්ධි බැංකු පද්ධිතිය පරිගණකගත කිරීමේ වැඩපිළිවෙල පිළිබදව ද අවධානය යොමු වුණා.

මෙහිදී සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම ක්‍රියාවලිය දැනටමත් දිස්ත්‍රික්ක 5ක ආරම්භ කර ඇති අතර මෙම වසරේ දෙසැම්බර් වන විට බැංකු ජාලගත කිරීම අවසන් කරන බවයි. එසේම ඉදිරියේදී ක්‍රියාත්මක අස්වැසුම සහනාධාර මුදල් සමෘද්ධි බැංකු පද්ධතිය හරහා ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ජීවනෝපාය සදහා සමෘද්ධිලාභීන්ට මාලු දැල් ලබාදීමේදී දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුළ විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවීම පිළිබදව විමර්ශනයක් සිදු කරන ලෙස ලබා දුන් නිර්දේශය පිළිබදව ද අවධානය යොමු කෙරුණා. නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එක්ව සිදු කරන ලද මේ පිළිබඳව විමර්ශනයක් ක්‍රියාත්මක බවයි නිලධාරීන් පෙන්වා දුන්නේ. මීට සම්බන්ධ සමෘද්ධි නිලධාරීන්ට මෙන්ම අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට ද දඩුවම් හිමි විය යුතු බැවින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් මගින් දන්වන බව කෝපා සභාපතිවරයා ප්‍රකාශ කළා.

සමෘද්ධි බැංකු විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් නොවිම පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී තිබෙනවා. මේ පිළිබඳව නීතිපතිවරයාගෙන් ද විමසා ඇති බවත් මේ සම්බන්ධව මත දෙකක් ඇති බවත් හෙළි වුණා. සමෘද්ධි බැංකු සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ ඇති බැවින් මෙය විගණනයට සුදුසු බවටයි විගණකාධීපතිවරයාගේ සහ කමිටුවේ මතය වූයේ. ඒ අනුව ඒ පිළිබදව සලකා බලා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස කමිටුව විසින් දැනුම් දෙනු ලැබුවා.

ලබන වසරේ ජනවාරි මෙම දෙපාර්තමේන්තුව නැවත කමිටුවට කැඳවන බවත් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11