සමථ මණ්ඩලය හේතුවෙන් ගොඩනැගෙන නඩු ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාව ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.
36 වන ජාතික සමථ දින සැමරුමර අද (14) දිනයේ එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
සමථ මණ්ඩල කොමිසන් සභාවට මෙම වසර තුළ ප්‍රතිපාදන ඉහළ දමා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා අධිකරණ පද්ධතියට ඇති පීඩනය අවම කිරීම එහි අරමුණ බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව මෙම වසර තුළ සමථ මණ්ඩල කොමිසන් සභාව සඳහා රුපියල් මිලියන 800කට ධික ප්‍රතිපාදන වෙන්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
දිවයින පුරා ප්‍රජා සමථ මණ්ඩල 332ක් මේ වන විට පිහිටුවා ඇති අතර, සමථකරුවන් 8,500 කට අධික සංඛ්‍යාවක්
ස්වේච්ඡා සේවයක් ලෙස සමථ මණ්ඩලවල සේවය කරනු ලබනවා.
වසරකට ආරවුල් ලක්ෂ 02 කට වඩා වැඩි සංඛ්‍යාවක් සමථ මණ්ඩල වෙත යොමුවනවා.
මේ අතර අධිකරණය වෙත යොමු වන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අඩු කිරීමේ අරමුණින් මූල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩල
පිහිටුවීමට පියවර ගෙන ඇති අතර, මේ වන විට කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක 06 හි මූල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩල ස්ථාපිත කර තිබෙනවා.













