දිය රකුසාට බිළිවූ ඉන්දීය තරුණයාගේ සිරුර මොරගල්ල වෙරළට ගොඩගසයි

බෙන්තර වෙරළ තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදහන් වූ ඉන්දීය ජාතික තරුණයාගේ මළ සිරුර මොරගල්ල වෙරළ තීරයට ගොඩගසා තිබිය දී අද (14) උදෑසන සොයාගෙන තිබෙනවා.

මිතුරකු සමඟ බෙන්තර ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන ගෙන සිටි මෙම 24 හැවිරිදි තරුණයා හෝටලය පිටුපස මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුව මෙසේ අතුරුදැන්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය සහ අලුත්ගම සංචාරක පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්