වීරකැටිය, අග්‍රහැර ප්‍රදේශයේ අද (14) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙක් තුවාල ලබා තිබෙනවා.
පුද්ගලයෙකු විසින් ඌරෙකුට තැබූ වෙඩිල්ලක් නිවසක සිටි තරුණයෙකුට වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි ප්‍රහාරය අදාළ තරුණයාගේ කලවා ප්‍රදේශයට වැදී ඇති අතර, වෙඩි වැදුණු එම තරුණයා වීරකැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.
අද (14) පෙරවරු 9.20ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වීරකැටිය පොලීසිය විසින් ක්‍රියාත්මතක කරනවා.













