සමථ මණ්ඩල නිසා අධිකරණවල ගොඩනැගෙන නඩු ප්‍රමාණය අඩුකර ගැනීමට හැකියාව ලැබුණා – අධිකරණ ඇමති

සමථ මණ්ඩලය හේතුවෙන් ගොඩනැගෙන නඩු ප්‍රමාණය අවම කර ගැනීමට හැකියාව ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

36 වන ජාතික සමථ දින සැමරුමර අද (14) දිනයේ එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සමථ මණ්ඩල කොමිසන් සභාවට මෙම වසර තුළ ප්‍රතිපාදන ඉහළ දමා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා අධිකරණ පද්ධතියට ඇති පීඩනය අවම කිරීම එහි අරමුණ බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව මෙම වසර තුළ සමථ මණ්ඩල කොමිසන් සභාව සඳහා රුපියල් මිලියන 800කට ධික ප්‍රතිපාදන වෙන්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දිවයින පුරා ප්‍රජා සමථ මණ්ඩල 332ක් මේ වන විට පිහිටුවා ඇති අතර, සමථකරුවන් 8,500 කට අධික සංඛ්‍යාවක්
ස්වේච්ඡා සේවයක් ලෙස සමථ මණ්ඩලවල සේවය කරනු ලබනවා.

වසරකට ආරවුල් ලක්ෂ 02 කට වඩා වැඩි සංඛ්‍යාවක් සමථ මණ්ඩල වෙත යොමුවනවා.

මේ අතර අධිකරණය වෙත යොමු වන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අඩු කිරීමේ අරමුණින් මූල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩල
පිහිටුවීමට පියවර ගෙන ඇති අතර, මේ වන විට කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක 06 හි මූල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩල ස්ථාපිත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23