සමගි වනිතා ජාත්‍යන්තර සංවිධායිකා මාධ්‍යවේදිනී සුරංගී කොඩිතුවක්කු මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වන බව සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා.
එම තනතුර තමන් හට ලබාදීම සම්බන්ධයෙන් තමන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ ඉහළ නිලධාරීන් වෙත තම ස්තූතිය පිරිනමන බව එම ලිපියේ සඳහන් කර තිබුණා.
බොහෝ දෙනෙක් විසින් තමන් හට නින්දා අපහාස කළද සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හට තමන් සේවය කරන ලද්දේ, එම පක්ෂයේ දැක්ම, ප්‍රතිපත්ති සහ විපක්ෂ නායකයෙකු ලෙස ඔහු කළ සේවාවන් පිළිබඳව ගොඩනැගුණු විශ්වාසය මත බවයි ඇය එම ලිපියේ සඳහන් කර තිබුණේ.
නමුත් එහිදී පක්ෂය කෙරෙහි තිබූ ඇයගේ විශ්වාසය කඩවීම සහ ජනතාව ඉල්ලන සැබෑ ක්‍රම වෙනස ප්‍රායෝගිකව ඒ තුළ නොමැති වීම හේතුවෙන් තමන් එම තනතුරෙන් ඉල්ල අස්වන බවයි සුරංගී කොඩිතුවක්කු මහත්මිය එම ලිපියේ දන්වා තිබුණේ.
එමෙන්ම බහුතර ජනතාවක් ප්‍රතික්ෂේප කරන පිරිසක් සමගම නැවත බලය ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස උත්සාහ දැරීම හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවද එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
මෙම තීරණය මා ස්ව කැමෙත්තෙන් ගත් බවත් තනතුරු පසෙකලා රටට හිතැති ඕනෑම වැඩකටයුත්තක් වෙනුවෙන් නොපැකිළව පෙනී සිටින බවත් ඇය එම ලිපියේ වැඩිදුරටත් සඳහන්කර තිබුණා.















Written in singlish
කවදාවත් ජනාධිපති වෙන්නේ නැහැ සජිත් ….
එතුමගෙ සේවය අගය නොකරන මෝඩයෝ ඉන්න රටක ජනාදිපති වෙනවා කියන්නේ සිහිනයක් තමා. රැලි ආවට ඒවා ආවෙ කුනුත් එක්ක. කුනු ටික ඉතුරු වෙලා රැල්ල ඉක්මනටම ආයෙත් ගහගෙන යනවා ගෝටගෙ රැල්ල වගේ…
බයියෝ ඉන්නකන් කරන සේවය පේන්නේ නෑ,නමුත්, පොඩි මිනිහගේ දුක හදුනන මෙතුමා සමග මෙතුමට පක්ශව ජනතාව ලක්ශ 42ක් තාමත් ඉන්නවා
එතුමිය ගත්ත තීරණය ඉතා නිවැරදි හා ඍජු එකක් වීම කාන්තාවන් වශයෙන් පලමුව අගය කල යුතුය.අපි අපේ රට ගැන පලමුව සිතිය යුතුය.මේවගේ පින් බිමක් ලොව නැති බව බොහෝ දෙනෙක් නොදනී.රටක් හදන්න අපි සමගි විය යුතුයි. හරිම දේ කවුරැ කලත් හරි කිවයුත්තක්. ඒ අයට සහයෝගයක් දීයයුතුමයි.හොරැ එකතු කරන් බලය රැක ගැනිම නිසා එතුමා ගැන කවුරැත් කලකීරී ඇත.