සජබ මහලේකම්ගේ මැතිවරණ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිගෙන් ඉල්ලීමක්

2023 වසරේ අයවැය ඇස්තමේන්තු තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් මුදල් අමාත්‍යශයේ ලේකම්වරයා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ගොනු කළ එම මූලික අයිතිවාසිකම් පෙත්සම අද (26) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මේ බව අනාවරණය වුණා.

මෙම මෝසමේ අන්තර්ගත කාරණා සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය විරෝධය පළකර සිටියා.

ඉන් අනතුරුව අදාළ මෝසම සලකා බැලීම සඳහා අදාළ පෙත්සම ජුනි මස 09 වනදා කැදවන ලෙස අධිකරණය නියම කළා.

බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?