සචින් සහ සනත් පසු කරමින් බ්‍රෙන්ඩන් ටේලර් වාර්තා පොත් අතරට

පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දීර්ඝතම ක්‍රීඩා දිවියට හිමි වාර්තාව සිය නම ඉදිරියේ ලියා ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් සමත් වුණා.

ඕස්ට්‍රේලියාව සමඟ අද (15) පැවැත්වෙන තරගයත් සමඟ බ්‍රෙන්ඩන් ටේලර් මේ දක්වා, අවුරුදු 22ක් සහ දින 148ක් සිය එක්දින ක්‍රීඩා දිවියේ ගතකර තිබෙනවා.

එම ලැයිස්තුවේ මීට පෙර පෙරමුණේ පසුවූයේ ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් වූ අතර ඔහු අවුරුදු 22යි දින 91ක් සිය එක්දින ක්‍රිකට් දිවිය තුළ ක්‍රීඩාකර ඇති අතර, එම ලැයිස්තුවේ සචින්ගෙන් පිටුපසින් පසුවන්නේ ශ්‍රී ලංකාවේ සනත් ජනසූරියයි.

සනත් ජයසූරිය අවුරුදු 21ක් සහ දින 184ක් සිය එක්දින ක්‍රීඩා දිවියේ ගතකර තිබෙනවා.