ශූරයින්ගේ කුසලානයට ටික ටික ළංවෙන ඇෆ්ගනුන් අද කැන්ගරුවන්ට එරෙහිව පිටියට

ශූරයින්ගේ කුසලානයට ටික ටික ළංවෙන ඇෆ්ගනුන් අද කැන්ගරුවන්ට එරෙහිව පිටියට

2025 ශූරයින්ගේ කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවක් තබාගෙන ප්‍රබල ඔස්ට්‍රෙලියාවට එරෙහිව ඇෆ්ගනිස්තානය අද (28) පස්වරුවේ තරග බිමට පිවිසෙනවා.

දෙරට අතර තරගය පස්වරු 02.30ට ලාහෝර් නුවර දී ආරම්භ වීමට නියමිතයි.

‘බී’ කාණ්ඩයෙන් තරග වදින ඔස්ට්‍රෙලියාව සහ ඇෆ්ගනිස්තානය මේ වනවිට තරග දෙකකට ක්‍රීඩා කර ඇති අතර ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් කැන්ගරුවන් දෙවැනි තැනත් ඇෆ්ගනුන් තෙවැනි තැනත් හිමිකරගෙන සිටිනවා.

ඔස්ට්‍රෙලියාව එංගලන්තය සමග පැවති පළමු තරගය ජයගත්ත ද, දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට තිබූ තරගය අයහපත් වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

ඇෆ්ගනිස්තානය දකුණු අප්‍රිකාව හමුවේ පළමු තරගය පරාජයට පත් වුව ද දෙවැනි තරගය එංගලන්තය පරදා ජය ගැනීමත් සමග ඔවුන් මේ වනවිට ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා වටයට සුදුසුකම් ලබා ගැනීමේ හිණිපෙත්තටම නැග අවසන්.

එබැවින් අවසන් පූර්ව වටයේ ආසනය ගැන බලාපොරොත්තුවක් තබා ගැනීමට අවශ්‍ය නම් අද තරගය ජය ගැනීම දෙපිළටම තීරණාත්මක වනු ඇති.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායම ස්ටීවන් ස්මිත් මෙහෙයවනු ලබන අතර හෂ්මතුල්ලා ෂහිඩි ඇෆ්ගනිස්තානය මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17