ශුබ්මන් ගිල් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරේ

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක ශුබ්මන් ගිල් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව කොල්කටා හිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී බෙල්ලේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු කොල්කටා හි වුඩ්ලන්ඩ්ස් රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඔහුට දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉතිරි කාලය අහිමිව යන බවයි ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ගය සඳහන් කළේ.

මේ වනවිටත් විශේෂඥයින් ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් ගිල්ගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

තරගයේ දෙවන දිනය වූ ඊයේ (15) දිනයේ අතරතුර බෙල්ලේ ආබාධයක් හේතුවෙන් ගිල් කොල්කටාවේ වුඩ්ලන්ඩ්ස් රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මේ අතර දෙඅරට අතර ගුවහාටි හි ටෙස්ට් තරගයට ද ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයට පවතින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39