2025 – 2027 ලෝක ටෙස්ට් තරගාවලියේ (World Test Championship) තරග දෙකක් සදහා සහභාගී වීමට ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (04) දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
මෙහි පළමු තරගය එළඹෙන 15 දින සිට 19 දින දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත් වීමට නියමිතයි.
මෙහි දෙවන තරගය එළඹෙන 23 දින සිට 27 දින දක්වා කොළඹ S.S.C. පිටියේ දී පැවැත්වෙනවා.
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (04) දින සවස 03.50 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.













