ශීත සෘතුවට ස්විස් වැසියන් මෙරටට (ඡායාරූප)

ශීත ඍතුව එළඹීමත් සමග ම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , පළමු මංගල ගුවන් යානය (Inogaral Flight) අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම ප්‍රථම මංගල ගුවන් ගමන සඳහා ඊඩ්ල්වයිස් ගුවන් සේවය විසින් එයාර් බස් ඒ. 330 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ බවයි.

ජල ආචාර (Water Salute) පවත්වා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් මෙම අවස්ථාවේ පියවර ගෙන තිබුණා.

අද උදෑසන 09.20ට ඊඩ්ල්වයිස් ( edelweiss ) ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 68 මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පන්තියේ ගුවන් මගීන් 17 දෙනෙකු සහ පිරිමැසුම්දායක පන්තියේ ගුවන් මගීන් 221 දෙනෙකු සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 13ක් වශයෙන් 251 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

සුරීච් නුවර සිට ඍජු ගුවන් ගමනක යෙදෙමින් සතියේ සෑම සිකුරාදා දිනකම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම යානය එදිනම උදෑසන 10.05 ට මාලදිවයින මාලේ නුවර ඔස්සේ ආපසු සූරීන් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතයි.

මෙම ගුවන් සේවා යානා එළඹෙන 2025 වසරේ ජනවාරි මස සිට සතියකට දින දෙකක් වශයෙන්, සිකුරාදා සහ ඉරිදා දිනවල සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බවත් වාර්තා වනවා.

මෙම ශීත ඍතු ගුවන් සේවයේ ගුවන් යානා එළඹෙන 2025 වසරේ මැයි මාසය තෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

20241101 093259 scaled
20241101 092609 2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56