සිරිලිය සවිය” අරමුදලට සම්බන්ධ ගිණුමේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සහ මූල්ය අක්රමිකතා සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සම්බන්ධයෙන් අධිකරණයට අද (16) ඉදිරිපත් කරන ලද වෛද්ය වර්තාව පරිශීලනය කර බැලීමට අවශ්ය බැවින් නඩුව 2.30 ට නැවත කැඳවන ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් දීලිප පිරිස් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ, කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම හමුවේ.
සිද්ධියට අදාළ නඩුව දැන් කැඳවු අතර බන්ධනාගාර අධිකාරීවරයා විසින් අධිකරණයට ඉදරිපත් කරන ලෙසට නියෝග කර තිබු වර්තාව පැමිණිල්ලට නොලබුණ බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරිමට ලබන සඳුදා දින නැවත නඩුව කැඳවන ලෙස අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් කළා.
එම අවස්ථාවේදි විත්තිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පවසා සිටියේ තමන්ටත් ඒ වෛද්ය වාර්තාවේ කරුණු සලකා බැලීමට අවශ්ය බැවින් නඩුව අද දිනයේම පසුව කැඳවන ලෙසයි.
ඒ, අනුව නඩුව පස්වරු 2.30ට කැඳවිමට නියමිතයි.










