ශානි අබේසේකර යළි සේවයට

විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා යළි සේවයේ පිහිටුවීමට අනුමැතිය හිමිව තිබෙනවා.

අද (10) පස්වරුවේ මෙම තීරණයට අනුමැතිය හිමිව ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවෙන්.

මැතිවරණ කොමිසම ද අදාළ පත්කිරීම සඳහා සිය අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව අද දින සිට වසරක කාලයක් එනම් 2025.10.09 වැනිදා දක්වා අදාළ කොන්ත්‍රාත් කාලය ක්‍රියාත්මකයි.

හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ධුරයට පත් කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

ශානි අබේසේකර යනු මෙරට පොලිස් දෙපාර්තමේන්තුවේ මෙන් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි හිටපු අධ්‍යක්ෂවරයෙකු ද වනවා.

ඔහු සිය සේවා කාලය තුළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සහ ලසන්ත වික්‍රමතුංගට පහර දී ඝාතනය කිරීම වැනි මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ ඉහළ පෙළේ සිද්ධීන් ගණනාවක විමර්ශනවල ප්‍රමුඛයා ලෙසටයි සැලකෙන්නේ.

පසුගිය රාජ්‍ය පාලන සමයේ දී ශානි අබේසේකර මහතාට විවිධ වෘත්තීමය චෝදනා එල්ල වූ අතර ඇතැම් ප්‍රසිද්ධ දේශපාලනඥයින් සමග සිදු කෙරුණා යැයි සැලකෙන දූරකථන සංවාද ප්‍රසිද්ධ වීමත් සමග මෙතුමාට එවක පාලනාධිකාරිය විසින් චෝදනා රැසක් ද එල්ල කෙරුණා.

පසුගිය කාලය තුළ රටේ ආන්දෝලනයට තුඩුදුන් බරපතළ ගණයේ සිදුවීම් රැසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන භාරව කටයුතු කළේ ශානි අබේසේකර මහතා යි.

ඔහුගේ සේවා කාලය අතරතුර 2013 වර්ෂයේදී කොළඹ ප්‍රදේශයේ දී මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ දී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට එරෙහිව ව්‍යාජ සාක්ෂි සැකසූ බවට චෝදනා කරමින් 2020 වසරේ ජුලි මස 31 වෙනිදා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එවකට වැඩ තහනම්ව සිටි ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුට මාස 10යි දින 08ක් බන්ධනාගාරගතව සිටීමට ද සිදුවුණා.

කෙසේවෙතත් ආන්දෝලනාත්මක විමර්ශන සිදු කරමින් විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ජීවිතාරක්ෂාව පවා අනතුරක පැවති පසුබිමක සියලු අපරාධ සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණය ඉටුවිය යුතුය යන ස්ථාවරයේ සිටිමින් ක්‍රියා කළ නිලධාරියෙක් ලෙස ඔහු ජනතාව අතර ප්‍රසාදය දිනාගත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙක්.

කෙසේවෙතත් 2021 ජූනි 16 වැනි දින, වසරකට ආසන්න කාලයක් සිරගතව සිටීමෙන් පසු අභියාචනාධිකරණය විසින් ශානි අබේසේකර මහතා හට ඇප නිර්දේශ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
42
+1
0
+1
7
+1
0
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40
Video thumbnail
දැන් කිසිම පෝලිමක් නෑ - කවුරුත් කලබල වෙන්න එපා
05:06
Video thumbnail
තෙල් නැවක් ගෙනාවත් මදිනේ..මිනිස්සු දවසට දෙපාර තුන්පාර එනවා..ඉන්ධන පොම්පකරුවන් මැසිවිලි නගයි
01:40
Video thumbnail
හයිවේ එකේ යන වාහනවලට ගල්වලින් ගහනවා - මානසික ලෙඩක් ද
00:46
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46
Video thumbnail
"අභියෝග කරනවා ගබඩාවල තෙල් නෑ" ඉන්ධන ගැන ආනන්ද පාලිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:11
Video thumbnail
සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ එක්ක හදිසි සාකච්ඡාවක
02:37
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
01:08
Video thumbnail
අපිට ළිං වලින් තෙල් ගන්න බෑනේ - මේකට මුහුණදෙන්න වෙනවා
16:47
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ලැව් ගින්න..දෙවියනේ..විශාල ප්‍රදේශයක් ගිනිබත්වෙලා
01:26