අද (20) දින අමිල කෞශාන් හෙවත් ශාන් පුතා නමැත්තාට එරෙහිව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ බීආර්1628/25 දරණ නඩුව කැඳවා තිබෙනවා.
මීට පෙර නඩු වාරයේ දී ඔහුගේ නීතිඥ දසරාජ් දහනායක මහතා විසින් කරන ලද ඉල්ලීම අනුව 2025 වර්ෂයේ ඔක්තෝම්බර් මස 31 වන දින දක්වා විදෙස් ගමන් තහනම ඉවත් කර ඇති අතර, ඒ අනුව අද දින මෙම නඩුවේ පළමු සැකකරු වූ ශාන් පුතා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ දසරාජ් දහනායක මහතාගේ උපදෙස් මත නීතිඥ ලයාන් ඉරංග හේවා යද්දෙහිගේ මහතා අධිකරණයේ පෙනී සිටියා.
අද දින මෙම නඩුවේ දෙවන සැකකරු අධිකරණයට ඉදිරිපත් වූයේ නැහැ.
එම නිසා එම විත්තිකරුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කෙරුණා.
යළි මේ නඩුව 2026 වර්ෂයේ මාර්තු මස 06 වන දින කැඳවීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1