ශ්‍රී ලංකාව සාමාජිකත්වය දරන ජාත්‍යන්තර සූර්යය බල සන්ධානය ගැන දැනුම්දීමක්

ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය (ISA) වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්යබල සන්ධානය අතර රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්යරාමුවට (CPF) අත්සන් තැබීම

සූර්ය බලශක්තිය භාවිතය ප්‍රවර්ධනය කිරීමට සාමාජික රටවල් ගෙන ඇති පියවර සඳහා සහාය වීමේ අරමුණින් ජාත්‍යන්තර සූර්යබල සන්ධානය පිහිටුවා තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 75ක් එහි සාමාජිකත්වය ලබා ඇති අතර රටවල් 54ක් හවුල්කාරිත්ව කාර්යරාමු ගිවිසුම අපරානුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව අයත් වන කාණ්ඩය අනුව ස්වේච්ඡා දායකත්ව ගාස්තුව වශයෙන් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 25,000ක දායකත්ව ගාස්තුවක් ගෙවිය යුතු වනවා.

සූර්යය බලශක්ති ක්ෂේත්‍රයට අදාළව සූර්යය තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථාන (STAR-C) හරහා ධාරිතා වර්ධනය, ප්‍රතිපත්ති සංවර්ධනය, අරමුදල් සඳහා ප්‍රවේශය, ගෝලීය ජාලකරණය, දැනුම හුවමාරු කර ගැනීම ආදී ප්‍රතිලාභ ජාත්‍යන්තර සූර්යබල සන්ධානය වෙතින් අත්කර ගැනීමට එහි සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවට හැකියාව පවතිනවා.

ඒ අනුව, බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලැබූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

ඒවා නම්;

  • 2024/25 මූල්‍ය වර්ෂයේ සිට අමෙරිකානු ඩොලර් 25,000ක් වූ වාර්ෂික දායකත්ව මුදල් අඛණ්ඩව ගෙවීම
  • ශ්‍රී ලංකාවේ තාක්ෂණ යෙදවුම් සම්පත් මධ්‍යස්ථානයක් (STAR-C) පිහිටුවීම
  • ‘රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්යරාමුව’ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්යබල සන්ධානය අතර අත්සන් තැබීම ආදිය වනු ඇති.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30