spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලූ දේ මෙන්න…

අමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හැකි ඉක්මනින් ලබාගැනීමේ වැඩපිළිවෙලක් කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය මේ වන විට යොමුවී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ මෙම ඩිලර් බිලියන තුනක ණය මුදල ලබාගැනීමට සැලසුම් කරමින් සිටින බව රොයිටර් පුවත් සෙවය සඳහන් කරනවා.

එම ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් මෙම මස මුල් සතියේ පැවැත්වීමට නියමිත බවයි රොයිටර් පුවත් සෙවය වැඩි දුර්ටත් වාර්තා කරන්නේ.

නමුත් මීට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට අවශ්‍ය බව සහ ඒ සන්දහා ශ්‍රී ලංකා රජය ඔවුන් දිරි ගන්වන බවයි.

ඒ පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබුණේ.මීට සමගාමීව ආදායම් ඉහළ නැංවීම සඳහා බදු සංශෝධන ඉදිරිපත් කිරීම, VAT බද්ධ ඉහළ නැංවීම වැනි යෝජනා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවට පසුගියදා ඉදිරිපත් කර තිබුණා.

මේ යෝජනා අන්ව යමින් සියලූ භාණ්ඩ හා සේවා මත මෙතෙක් 8% පැවති වැට් බදු අනුපාතය 12% දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යංශය කටයුතු කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?