ශ්‍රී ලංකාවේ නව ඕමාන තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕමාන නව තානාපති අහමඩ් අලි සයිද් අල් රෂ්දි මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ අදහස් දැක්වූ තානාපතිවරයා, ශ්‍රී ලංකා – ඕමාන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ප්‍රතිස්ථාපනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළේය.

අයෝජන ප්‍රවර්ධන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ අතර දෙරටේ ව්‍යාපාරික දූත පිරිසට සංචාරය කිරීමට කටයුතු සම්පාදනය කිරීම පිළිබඳව ද සාකච්ඡා පැවැත්විය.

ඕමානය ඇතුළු මැදපෙරදිග රටවල් ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය අගයකළ කථානායකවරයා ඒ පිළිබඳ සිය ප්‍රසාදය තානාපතිවරයා වෙත පළ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44