spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ නව ඕමාන තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕමාන නව තානාපති අහමඩ් අලි සයිද් අල් රෂ්දි මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ අදහස් දැක්වූ තානාපතිවරයා, ශ්‍රී ලංකා – ඕමාන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ප්‍රතිස්ථාපනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළේය.

අයෝජන ප්‍රවර්ධන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ අතර දෙරටේ ව්‍යාපාරික දූත පිරිසට සංචාරය කිරීමට කටයුතු සම්පාදනය කිරීම පිළිබඳව ද සාකච්ඡා පැවැත්විය.

ඕමානය ඇතුළු මැදපෙරදිග රටවල් ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය අගයකළ කථානායකවරයා ඒ පිළිබඳ සිය ප්‍රසාදය තානාපතිවරයා වෙත පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?