මිය ගිය ඇතකුගේ සිරුරක් කහටගස්දිගිලියේ කැලයකින් හමුවේ – ඇතාගේ වම් දළය අතුරුදන්

කහටගස්දිගිලිය, මීමින්නාවල ප්‍රදේශයේ කැලෑබඳ ප්‍රදේශයක තිබී ඇතකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

කහටගස්දිගිලිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වන ඇතාගේ මළ සිරුර අද (01) දිනයේ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඇතා මියගොස් දින කිහිපයක් ගතවන අතර, වනජීවී නිලධාරීන් විසින් සොයා ගන්නා අවස්ථාව වන විට ඇතාගේ වම්පස දළය තිබී නැහැ.

වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ ඇතාගේ වම් දළය කිසියම් පුද්ගලයකු විසින් කාපාගෙන ගොස් ඇති බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය වනජීවී කාර්යාලය, දිවුල්වැව පොලිසිය එක්ව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.