ශවේන්ද්‍ර සිල්වා නැවැත් වු තැනින් අරබයි

2020 වසරේ ආරම්භ වූ කොරෝනා උවදුරත් සමඟ අප රටේ අපේම වු විදෙස්ගත ශ්‍රමිකයින් දහස් ගණනකට සිය රැකියා අහිමි විය.එමෙන්ම විදෙස් රටවල සේවය කළ ස්ථානවලින් ඔවුන් ඉවත් කිරීමත් සමඟ දැඩි ආර්ථික ප්‍රශ්ණ සමගින් ඔවුන්ට එම රටවල ක්‍රියාත්මක තානාපති කාර්යාලවලින් ලබාදුන් රැඳවුම් නිවාසවලවලට කොටුවිමට සිදුවිය. එමෙන්ම කොවිඩ් 19 වෛරසය පැතිර යාමට පෙර විවිධ හේතූන් මත වීසා නොමැතිව සිටි විශාල පිරිසක්ද එලෙස රැඳවුම් නිවාසවල රඳවා සිටි අතර සිය රට වෙත පැමිණීම ඒ සෑම ශ්‍රමිකයෙකුටම සිහිනයක් බවට පත්විය.

මෙම විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සාධරණයක් ඉටුකරමින් ඔවුන් මෙරටට ගෙන්වීම රජය විසින් සිදුකරනු ද පසුගිය පෙබරවාරි මාසයේ සිට එලෙස හැත්තෑ එක්දහසකට අධික විදෙස් ශ්‍රමිකයින් පිරිසක් මෙරටට ගෙන්වා තිබිණ.මෙම ක්‍රියාව පසුගිය ඔක්තොම්බර් මාසයේදී තාවකාලිකව අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තේ රට තුළ පවතින කොරෝනා වසංගත හේතුවෙනි. මෙයට ප්‍රධාන හේතුව වුයේ නිරෝධායන මධ්‍යස්ථාන සහ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වල පවතින ඉඩකඩ නැති වීමයි.කොරෝනා පාලනය කිරීමේ කාර්්‍යය සාධක බළකාය විසින් නියෝග කරන ආකාරයට විදෙස් ශ්‍රමිකයින් ගෙන්වීම සිදු කළ හැකි බවත්, දැනට උද්ගතව ඇති තත්ත්වය මත විදේශ ශ්‍රමිකයින් එකවර මෙරටට ගෙන්වා ගැනිමට හැකියාවක් නොමැති බවත්, නමුත් එම ශ්‍රාමිකයින් කාණ්ඩ වශයෙන් මෙරටට ගෙන්වීම සිදු කරන බවත් රජය දැනුම් දී ඇත.

පසුගිය ජනවාරි 14 දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම යළි ආරම්ක කරන බවයි. එසේම ඔවුන් මෙරටට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා ගැනීමේදී තෙවන පාර්ශවයක් සම්බන්ධ කර නොගෙන ඉදිරි කටයුතු සිදුකරගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට තානාපති කාර්යාල හරහා පහසුකම් සැපයීය යුතු බවද පැවසීය. මෙලෙස රැගෙන එන පිරිස් යුද්ධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු සඳහා යොමු කරන බවද යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළා.ඕමානය වැනි රටවල විවිධ හේතුන් මත විසා නොමැතිව රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටි පුද්ගලයින්ද මෙලෙස මෙරටට ගෙන්වීමට අවශ්‍යය කටයුතු සැලසුම් කර ක්‍රියාවට නංවා තිබීම මෙහි විශේෂත්වයයි.

මෙම ගෙන්වන පිරිස් මේ වන විට යුද්ධ හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන සදහා යොමු කර ඇත. ඔවුන් සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ පසු නැවත තම ඥාතීන් සහෝදරයන් මව්පියන් හා එක්වන්නට හැකිවනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33