ශකීබ් අල් හසන්ගේ නොහොබිනා හැසිරීමට දඩයක් එක්ක අවාසි ලකුණකුත් එක්වෙයි

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට දඩ මුදලක් සහ සිය පෞද්ගලික ක්‍රීඩක ලකුණු ගොන්නට සෘණ ලකුණක් එක් ව තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ ඊට හේතු වී ඇත්තේ බංග්ලාදේශය සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩි හි දී පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර දී ශකීබ් අල් හසන් පන්දු යැවීමට ඒමේදී පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් දෙසට කේන්තියකින් යුතුව පන්දුව දමා ගැසීමේ සිද්ධිය බවයි.

ඒ අනුව ජාත්‍යන්ත‍ර ක්‍රිකට් කවුන්සිලය විසින් ශකීබ්ට සිය තරග ගාස්‍තුවෙන් සියයට 10ක දඩ මුදලක් සහ ඔහුගේ පෞද්ගලික ලකුණු එකතුවට එක් අවාසි ලකුණක් එක් කර තිබෙනවා.

ICC ආචාරධර්ම පළමු වන මට්ටම කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශකීබ් තරගයේ ඉනිම් දෙකෙහිදිම කඩුලු 04ක් පාකිස්ථානයේ බිඳ දමන්නට ද සමත් වුණා.

රිස්වාන් සිය දෙවැනි ඉනිමට ක්‍රීඩා කරමින් සිටියදී ඔහු පන්දුවට පහරදීමට තවදුරටත් සූදානම් නොවුණු බව සංඥා කිරීමත් සමගිනුයි ශකීබ් සිය පන්දුවෙන් රිස්වාන් දෙසට දමා ගසන්නේ.

මෙම සිදුවීමේ දී ශකීබ් යොමු කළ පන්දුව රිස්වාන්ගේ හිසට ඉහළින් ඇඳී යන අතර එය කඩුලු රකින ක්‍රීඩක ලිට්න් දාස් විසින් රැකගනු ලැබුවා.

පසුව තරගයේ විනිසුරු රිචඩ් කෙට්ල්බරෝ විසින් ද ශකීබ්ගේ ක්‍රියාවට තරවටු කරන ආකාරයක් දක්නට ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57