වී මිලදී ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී

මහ කන්නයේ වී මිල දී ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දරගේ ප්‍රධානතයෙන් ඊයේ (14) පැවැත් වුණා.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති එම සාකච්ඡාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් එක්ව සිටියා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත නිකුත් කර ඇති නවතම චක්‍රලේකනය සම්බන්ධයෙන් එම පැමිණ සිටි පිරිසට කරුණු පැහැදිලි කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී කටයුතු කරනු ලැබුවා.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වී ගබඩා කළ හැකි ඉඩ ප්‍රමාණය පිළිබඳව ද මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී අනාවරණය වූ කරුණු අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වී මෙට්‍රික් ටොන් හතලිස්දහසක් පමණ ගබඩා කොට තබා ගැනීමේ පහසුකම් පවතින බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අතරින් එම සාකච්ඡාවට පැමිණ සිටි අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුව වී මෙට්‍රික් ටොන් විසිදෙදසහක් පමණ ගබඩා කර තබා ගැනීමට අවශ්‍ය පහසුකම් පවතින බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09