Wednesday, January 8, 2025
Empty Ad
AFC Banner
AFC Banner

විසිඑක් ලක්ෂයක වටිනාකමකින් යුත් සහල් සමග ගෙනා සුනඛයින් – සැකකරුවන්ට මාංචු

වෙළෙඳසැල්වලට විකිණීමට සහල් කිලෝග්‍රෑම් 8750ක් ප්‍රවාහනය කළ ලොරියක් රියදුරු සහ එහි සහායකයා සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ලොරි රථයේ සහල් තොග සමග සුනඛයින් දෙදෙනකු ද ප්‍රවාහනය කරමින් සිටියදියි බලංගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුවන් අද (04) පෙරවරුවේ දී බලංගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අසල වෙළෙඳසැලක් අසල දී ලොරි රථය නවත්වා සහල් මිටි බෑමට සූදානම් වන විට ලොරිය තුළ සහල් මිටි අතර මෙම සුනඛයින් දෙදෙනා සිට තිබෙනවා.

පසුව එම සිද්ධිය නගරයේ පුද්ගලයෙකු ජංගම දූරකථනයෙන් වීඩියෝගත කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම නිලධාරීන් විසින් ලොරිය සහ එහි රියදුරු ඇතුළු සහායක අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ පුද්ගලයා විසින් ලොරියේ සිටි සුනඛයන් වීඩියෝ කරන බව ලොරිරථ රියදුරු දුටු නිසා නිලධාරීන් පැමිණෙන විට සුනඛයන් දෙදෙනා ලොරියෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවත් වාර්තා වනවා.

රුපියල් ලක්ෂ 21000 ඉක්ම වූ මුදලකට අලෙවි කරන කැකුළු සහල් තොගයක් මෙම ලොරියෙන් ගෙනැවිත් තිබූ බවත් ඒවා තිස්සමහාරාමයේ සහල් මෝලකින් රැගෙනවිත් ඇති බව ද හෙළි වුණා.

සහල් තොගය සමග සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
18
+1
2
+1
2
+1
4
+1
9
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝල්ෆේස් එකේ පෙන්නපු වාහන වලට මොකද වුණේ ? නියෝජ්‍ය ඇමති කොරවෙයි - අහලම බලන්නකෝ
07:31
Video thumbnail
අහිංසක රියදුරන්ගේ සිහිනද - මේ මාලිමා ආණ්ඩුව ගලවලා දාන්නේ ? - නියෝජ්‍ය ඇමතිට කටඋත්තර නැතිවෙයි
07:58
Video thumbnail
PRAHARYA | නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටි.බි සරත් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:29:44
Video thumbnail
තනියම දොර ඇරගෙන බැහැලා - පරාක්‍රම සමුද්‍රයේ ජපන් ජබර ගලෝලා ජනතාවට ආදර්ශයක් දෙන්න පුලුවන්ද?
04:14
Video thumbnail
අපේ මතවාදී අරගලයක් නෑ - ආණ්ඩුවේ ප්‍රබලයෙක් සියල්ල හෙළිකරයි
02:11
Video thumbnail
අපි ආවේ දැක්මක් ඇතිව - මාලිමාවේ ආත්ම විශ්වාසය මෙන්න #npp #anurakumaradissanayake
01:21
Video thumbnail
මේ ආදර්ශය මේ සමාජයට දෙන්න ඕනි
01:57
Video thumbnail
Breaking News🛑උණුසුම් වූ දෙමටගොඩ - ජනතාව ගෙන් දැඩි විරෝධයක්..
10:18
Video thumbnail
What happened to my son ?ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියකුත් බාරදෙයි
03:55
Video thumbnail
අලුත් අවුරුද්දට සම්බා කාලත් හමාරයි
04:31

?