spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විමුක්ති පුතු තාත්තාගේ උපන්දිනය දා තැබූ සටහන

දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් නැති නමුත් තම පෞද්ගලික හැකියාවෙන් වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ විජය කුමාරතුංග මහතාගේ පුත්, වෛද්‍ය විමුක්ති කුමාරතුංග මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

එමෙන්ම ගෞරවණිය, සරල සහ අප්‍රකට ජීවිතයක් ගත කිරීමට දැඩි උත්සාහයක් දරා ඇති තමන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ශ්‍රී ලාංකීය මාධ්‍යවලින් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පවසයි.

මාතෘ භූමියට ආදරය කරන තමන් පෞද්ගලික හැකියාවන් තුළින් වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු පිළිබඳව අන් අය දැනුවත් කිරීම සහ ඒවා වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද විමුක්ති කුමාරතුංග මහතා එහි සඳහන් කර තිබේ.

විජය කුමාරතුංග මහතාගේ 76 වන ජන්ම දින සැමරුම යෙදුණු පෙරේදා (9) ඔහු සිය ෆේස් බුක් ගිණුමෙහි මෙම සටහන යොදා තිබූ අතර ‘තාත්තා කළ දේ කිරීමට තවත් මිනිසෙක් නොමැත. අද තාත්තාගේ උපන් දිනය, ඔහු හිටියා නම් 76ක්, තාත්තා අහිමි කළ මිනිසුන්ට ඇත්තේ කුමන සැනසීමක් ද ?තාත්තා ජීවිතයෙන් වන්දි ගෙවූයේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු රැසක් සුන් කරමින් බව අපි දනිමු. එහෙත් ඔහුගේ කැපවීම තවත් කළ හැක්කෙක් මෙලොව මා දන්නේ නැත.’ යනුවෙන් ද ඔහු සටහන් කර තිබිණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?