විමුක්ති පුතු තාත්තාගේ උපන්දිනය දා තැබූ සටහන

දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් නැති නමුත් තම පෞද්ගලික හැකියාවෙන් වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ විජය කුමාරතුංග මහතාගේ පුත්, වෛද්‍ය විමුක්ති කුමාරතුංග මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

එමෙන්ම ගෞරවණිය, සරල සහ අප්‍රකට ජීවිතයක් ගත කිරීමට දැඩි උත්සාහයක් දරා ඇති තමන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ශ්‍රී ලාංකීය මාධ්‍යවලින් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පවසයි.

මාතෘ භූමියට ආදරය කරන තමන් පෞද්ගලික හැකියාවන් තුළින් වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු පිළිබඳව අන් අය දැනුවත් කිරීම සහ ඒවා වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද විමුක්ති කුමාරතුංග මහතා එහි සඳහන් කර තිබේ.

විජය කුමාරතුංග මහතාගේ 76 වන ජන්ම දින සැමරුම යෙදුණු පෙරේදා (9) ඔහු සිය ෆේස් බුක් ගිණුමෙහි මෙම සටහන යොදා තිබූ අතර ‘තාත්තා කළ දේ කිරීමට තවත් මිනිසෙක් නොමැත. අද තාත්තාගේ උපන් දිනය, ඔහු හිටියා නම් 76ක්, තාත්තා අහිමි කළ මිනිසුන්ට ඇත්තේ කුමන සැනසීමක් ද ?තාත්තා ජීවිතයෙන් වන්දි ගෙවූයේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු රැසක් සුන් කරමින් බව අපි දනිමු. එහෙත් ඔහුගේ කැපවීම තවත් කළ හැක්කෙක් මෙලොව මා දන්නේ නැත.’ යනුවෙන් ද ඔහු සටහන් කර තිබිණි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03