විපක්ෂ නායකගේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට ප්‍රසාද් සිරිවර්ධන

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන; විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීමේ ලිපිය ඊයේ (27) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී මන්ත්‍රීවරයා වෙත පිළිගන්වනු ලැබුවේ විපක්ෂ නායකවරයා විසින්.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ද එක්ව සිටියා.