විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකගෙන් අගමැතිට විශේෂ ලිපියක්

දැනට ඉදිරිපත්ව ඇති ‘ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත’ වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් භාර දී තිබෙනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත මෙම ලිපිය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

අද (09) දිනයේ භාරදුන් මෙම ලිපියට අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න යන මන්ත්‍රීවරුන් අත්සන් තබා තිබෙනවා.