විදේශ මුදල් ව්‍යාපෘති 179න් සාධනීය මට්ටමේ ඇත්තේ ව්‍යාපෘති 31ක් පමණක් බව හෙළිවෙයි (ඡායාරූප)

විදේශ මුදල් ව්‍යාපෘති 179න් සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31 පමණක් බවත්; එම ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන වාර්තාවක් ඉක්මනින් ලබාදෙන ලෙසත් කාරක ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හට උපදෙස් ලැබී තිබෙනවා.

විදේශ අරමුදල් සපයනු ලබන ආයතනවලින් විදේශ මුදල් ව්‍යාපෘති සඳහා ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 2.6 මුදලක් ලැබී ඇති බවට ද මෙම කාරක සභා අවස්ථාවේ දී හෙළි වුණා.

කාර්ය සාධන වාර්තා 4ක් සහ වාර්ෂික වාර්තා 3ක් සඳහා ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී මෙම කාරනා සඳහා අනුමැතිය ද හිමි වූ බවයි වාර්තා වන්නේ.

ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සලකා බලනු ලැබූ අවස්ථාවේ දී විදේශ මුදල් ව්‍යාපෘති පිළිබඳ ව සාකච්ඡාවට බඳුන් වූ අතර, එහිදී විදේශ මුදල් ව්‍යාපෘති 179ක් අතරින් සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31 පමණක් බවටයි අනාවරණය වූයේ.

මේ පිළිබඳ විමසා බැලීම සිදු වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී යි.

විදේශ අරමුදල් සපයනු ලබන ආයතනවලින් විදේශ මුදල් ව්‍යාපෘති සඳහා ආසන්න වශයෙන් රු. ට්‍රිලියන 2.6 මුදලක් ලැබී ඇති බවට මෙහිදී අනාවරණය වූ අතර මෙම ව්‍යාපෘති මගින් රටේ ප්‍රාග්ධන වියදම් සඳහා ලබා ගන්නා විදේශ ණය සහ ප්‍රදාන අදාළ ව්‍යාපෘති තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නිසි ලෙස සැලසුම් ක්‍රියාත්මක නොකිරීම ඉතා කනගාටුදායක බව කාරක සභාව පැවසුවා.

මෙම ව්‍යාපෘති තුළින් අපේක්ෂිත අරමුණු ඉටුකර නොගන්නා බවත්, රටේ විදේශ ණය ශීඝ්‍රයෙන් ඉහළ යන බවත් කාරක සභාව පෙන්වා දුන්නා.

අදාළ අමාත්‍යංශවල, එහි ක්‍රියාත්මක ආයතන මෙන් ම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති ව්‍යාපෘති අධීක්‍ෂණ ඒකකවල දුර්වලතාවයන් මේ සඳහා හේතු වී ඇති බවයි කාරක සභාව මෙහිදී දැනුම්දුන්නේ.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන ලෙස නිලධාරීන් හට කාරක සභාව විසින් උපදෙස් ලබා දෙමින් ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සඳහා අනුමැතිය ලබා දුන් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් සෙනඟ මැදින් පිටව යයි - අට්ටාල සේරම ගලවලා දාලා - කට්ටිය වටේටම ෆුල් සුද්දයක් දෙන හැටි
03:05
Video thumbnail
සලේ වෙනුවෙන් කළ සටනට කොමාව තියයි - අපි ඕනෑම වෙලාවක සටන යළි ආරම්භ කරනවා
03:27
Video thumbnail
කාන්තාවක් සත්‍යග්‍රහයේ යකා නටයි - යකෝ පන්සල්වල ඉදපල්ලා..හොර යක්කු මුන් රටවල් කාලා කාලා
01:36
Video thumbnail
සත්‍යග්‍රහයේදි දැම්ම ගීතයට සමවැදිලා ඉන්න ගම්මන්පිල ඇතුළු සෙට් එක - සිංදුවේ තාලෙට අත්පුඩි ගහනවා
01:05
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවේ කෙරුවාව එකක් නෑරම එළියට දායි - ඔයාලට හොරු අල්ලන්න බෑ
12:09
Video thumbnail
පැලවත්තේ ඔළුබක්කෝ ඇවිත් නටලා ගියාම අපි විනෝද වෙනවා - සලේ විශ්‍රාම ගිහින් කරපු වැඩේ මට අදාළ නෑ
02:41
Video thumbnail
අත්අඩංගුවට ගත් ෂාන් විජයලාල් අධිකරණයට රැගෙන ගිය හැටි - ගැම්මට වෑන් එකට නැගලා ගිය හැටි
01:12
Video thumbnail
ශානි කියන්නේ මොකෙක්ද ? කවුද ? චාමර සම්පත්ට යකා නගියි
01:33
Video thumbnail
චාමර සම්පත් - ආනන්ද විජේපාලට කට උත්තර නැතිවෙන්න දෙසයි - ආනන්දගේ ටෝක් අපිට හරියන්නේ නෑ
03:04
Video thumbnail
තාමත් ඊබ්‍රාහිම් නානා යහතින් එළියේ - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
02:37